ඉදිරි දෙසතිය මුළු ලෝකයටම තීරණාත්මකයි..සුබම සුබ ආරංචියක් ලැබෙන ලකුණු.

World American Covid tablet Molnupiyawiyer
By Aruna Oct 04, 2021 06:36 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා මඩින්න ඇමරිකානු ‘මර්ක්’ සමාගම නිපදවා ඇති ‘මොල්නුපියවියර්’ නම් පෙත්ත ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව විදෙස් වාර්තා පවසනවා.

මෙම ඖෂධය අවදානම් සහගත එකක් නොවන නිසා එය නිවසේ දී පවා වෛද්‍ය උපදෙස් අනුව භාවිතයට ගත හැකිව තිබේ.

එමගින් කොරෝනා ආසාදිතයන් රෝහල්ගත වීමට ඇති ඉඩකඩ සහ මරණයට පත්වීමට ඇති ඉඩකඩ අවම කිරීම සිදුකරයි.

මෙම ඖෂධයේ තුන්වැනි අදියරේ සායනික අත්හදා බැලීම සාර්ථකව මේ වන විට සිදු කර අවසන් නිසා එය භාවිතයට අවසර ඉල්ලා ඇත.

බොහෝ විට ඉදිරි දෙසතිය ඇතුළත මෙම ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත යැයි ද එම වාර්තා කියා සිටී.

මේ අතර  කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් අනතුරුව වැඩිම දින ගණනක් අඛණ්ඩව වසා තැබූ නගරය බවට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර හෙට පත්වනවා.

අදට එම නගරය වසා දමා දින 245ක් වනවා.

මෙතෙක් අඛණ්ඩව වැඩිම දින ගණනක් වසා තැබූ නගරය බවට පත්වී ඇත්තේ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරයයි.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය අද එම වාර්තාව සමකර තිබෙනවා.

හෙට දිනයේදීත් මෙල්බන් නුවර වසා තැබීමෙන් අනතුරුව වැඩිම දින ගණනක් අඛණ්ඩව වසා තැබූ ලොව එකම නගරය බවට මෙල්බර්න් පත්වනු ඇති.

පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ තවත් සති තුනක් මෙල්බර්න් නුවර වසා දැමීමටයි ඔස්ට්‍රේලියා බලධාරීන් තීරණය කර ඇත්තේ.

පවතින සංචරණ සීමා ලිහිල් කිරීම වෙනුවෙන් එරට පුරවැසියන් එන්නත් කිරීමේ කටයුතු වේගවත් කිරීමට ද කටයුතු සැලසුම් කර තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now