ලොවම බලාසිටින අවසන් සටන අද.. පටන් ගන්න වෙලාව මෙන්න.

By Aruna Dec 18, 2022 03:45 AM GMT
Report

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ප්‍රබල කණ්ඩායම් දෙකක් වන ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතරයි.

ප්‍රබල ප්‍රංශ කණ්ඩායමේ නායකත්ව වගකීමකයිලියන් ම්බැපේ ට හිමිව ඇති අතර, ලියොනල් මෙසී ආජින්ටිනා කණ්ඩායම මෙහෙයවනු ලබයි.

අද පැවැත්වෙන අවසන් මහා තරගය ලියොනල් මෙසී ක්‍රීඩාකරන ලෝක කුසලාන අවසන් මහා තරගය වීමද විශේෂත්වයකි.

අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.30ට ආරම්භවීමට නියමිතයි.

තරගය පැවැත්වෙන්නේ කටාරයේ ලුසලි ක්‍රීඩාංගණයේදීයි.

මෙම ක්‍රීඩාංගණයේදී ප්‍රේක්ෂකයින් 88,966 දෙනෙකුට එකවර තරග නැරඹීමට අවස්ථාව හිමිවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now