හෙට පිටියට පිවිසෙන සිංහයින් ගැන ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට අලුත්ම සුබ ආරංචියක් මෙන්න.
Cricket
Sri Lanka Cricket
Sri Lanka
India
By krishani
හෙට (10) එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානයට එරෙහි පළමු ජය සොයා ශ්‍රී ලංකාව තරග බිමට පිවිසීමට නියමිතයි.
ඒ අනුව හෙට පැවැත්වෙන තරගය සඳහා මහීෂ් තීක්ෂණ සුදුසු ශාරිරික යෝග්‍යතාවකින් පසුවන බව ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීඩ් නවාස් අද පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියේ ය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එක්දින ලෝක කුසලාන තරග බිමේ අවස්ථා 8කදී එකිනෙක මුණගැසී ඇත.
ඉන් අවස්ථා හතකදීම පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් විය.
ඒ අනුව දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල හෙට තරගයට පිවිසෙන්නේ එක්දින ලෝක කුසලාන තරගාවලියක දී පාකිස්තානය පළමුවරට පරාජය කිරීමේ අරමුණින් ය.
කෙසේ වෙතත්, මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා පිල හෙට සහභාගි වන්නේ සිය දෙවන තරගයට වේ.
