පස් කන්ද කඩා වැටී පුද්ගලයෙක් යටවෙයි - දැඩි උත්සාහයකින් පසු මුදවා ගෙන රෝහල් ගත කරයි
මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ මාර්ගය සකසමින් සිටියදී කම්කරුවෙකු මත පස් කන්දක් කඩා වැටී ඇති බව වාර්තා වේ.
එයින් බරපතළ තුවාල ලැබූ ඔහු අද (31) දින දහවල් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
එසේ රෝහල් ගත කර ඇත්තේ හේවාහැට, මුල්ඔය ජනපදයේ පදිංචිව සිටි 43 හැවිරිදි තිදරු පියෙක් බව සඳහන්. අනතුර සිදුව ඇත්තේ අද(31) දහවල් 11.00ට පමණ විලියම් ගොපල්ලව මාවතේ පිහිටි ස්ථානයක ඉදිකිරීම් කටයුතුවල නිරත වෙමින් සිටියදී, එකවරම මොහු මතට අඩි 20 ක් පමණ උසැති මෙම පස් කන්ද කඩා වැටීමෙන්.
ඒ සමඟ වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ සේවකයින් විසින් පස් අතර සිරවී සිටි ඔහුව මුදාගෙන මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් ඔහු ඉතා බරපතළ තත්ත්වයේ පසු වූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසූ බව සඳහන්.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ප්‍රදේශයේ පොලිසිය විසින් සිදු කරයි.
ඔක්තෝම්බර් 23, 24 සහ 25 යන දිනවල සියලු ප්‍රදේශවල සිටින පාසල් සිසුන්ට මේ සඳහා රජයෙන් අවස්ථාවක්.. අගමැති