පඩි නැතුව හරි නිවාඩුවක් දාන්න ආස නැද්ද? - සති අන්තයේ ගෙදර හිටියත් ඔලුවට වද දෙන රැකියාවේ පීඩනය ගැන සිතුවද?
වැඩ රාජකාරිත් එක්ක busy life එකක් ගත කරන ගොඩක් අය වැඩි සැලකිල්ලක් දක්වන්නේ කායික සෞඛ්‍ය ගැන පමණයි. හැබැයි ඉතින් කායික සෞඛ්‍ය ගැන හිතුවට, දැන දැන වුණත් තමන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි දක්වන සැලකිල්ල ගොඩක් අඩුයි. හැබැයි තමන්ගේ වැඩ වලට වගේම තමන්ගේ මානසික සෞඛ්‍ය ගැනත් වැඩිපුර හිතන්නම වෙනවා. නැත්නම් මානසිකව සහ කායිකව ලෙඩ වෙලා මැරිලා යන්න තමා වෙන්නේ.
හැමදේටම වඩා මානසික සුවයේ ඇති වැදගත්කම හේතුවෙන් ඒ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දිනයක් පවා වෙන් කර තියෙනවා. එය සෑම වසරක ම ඔක්තෝබර් 10 වන දාට යෙදී ඇති අතර මෙවර එහි තේමාව වූයේ “රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට මුල් තැනක් දෙමු” යන්න යි.
පඩි නැතුව නිවාඩුවක් දාලා හරි ඔබේ මානසික සෞඛ්‍ය ගැන හිතුවොත් හැමදාමත් ධනවත්ව ජීවත් වෙන්න පුළුවන්. මොකද අපට තියෙන ලොකුම සම්පත නිරෝගී සම්පත. ලෙඩ ඇඳට වැටුනොත් කෙලින් කටින් ඉදන් වැඩ කරන්න, හම්බ කරන්නත් බෑනේ.
කැළඹුණු කාලගුණයේ නවතම නිවේදනය නිකුත් කෙරේ.- ඉදිරි පැය 36 තුළ වන දේ. - 17 වෙනිදා ගැන විශේෂ අනතුරු ඇඟවීමක්. - (UPDATE)
මොකක්ද මේ රැකියාවක නිරත වීමේදී ඇති වන මානසික ආතතිය, 'Work Pressure' කියන්නේ.
🟡යම් අයෙකු හෝ ආයතනයක් තමන්ගෙන් බලාපොරොත්තු වන කාර්යයන් තමන්ට ඉටු කර ගැනීමට නොහැකි වූ විට තමන් තුළ සිදු වන මානසික හා කායික ප්‍රතික්‍රියාවයි.
🟡ඒ, කියන්නේ අපෙන් බලාපොරොත්තු වන දේවල්, අපිට ඉටු කර ගන්න බැරි වුණා ම දැනෙන මානසික හා කායික ප්‍රතික්‍රියාව. නිශ්චිත කාල සීමාවකදී සහ ඔහුගේ හැකියාව අනුව ඒ රැකියාවෙන් බලාපොරොත්තු වන දේවල් ඉටු කර ගන්න බැරි වුණා ම හෝ රැකියාවෙන් පැවරෙන කාර්ය භාරය නිසා එදිනෙදා දේවල් ඉටු කර ගන්න බැරි වුණා ම ඇති වන පීඩනය.
ආතතිය ඇති වන්නේ කොහොම ද?
🟡නිශ්චිත කාල වේලාවක් නොමැතිව දීර්ඝ කාලීනව වැඩ පැවරීම නිසා ඔහුට අවශ්‍ය අනෙක් දේවල්, විනෝදාස්වාදය සඳහා, පවුලේ අයත් එක්ක ඉන්න හෝ එදිනෙදා වැඩකටයුතු කර ගැනීමට බැරි වීම.
🟡තමන්ට පැවරුණු රාජකාරිය ඉටු කර ගැනීමට දක්ෂතාව, අත්දැකීම්, පළපුරුද්ද සහ දැනුම නොමැතිකම හේතුවෙන් බලාපොරොත්තු වන මට්ටමින් එය කර ගැනීමට නොහැකි වීම.
🟡තමන් උවමනාවට වඩා අධීක්ෂණයට ලක්වන විට සහ ආයතනය තුළ පනවා ඇති නීතිරීති හේතුවෙන් ඇතිවන පීඩනයන්.
🟡උසස් වීම් දිගින් දිගට ම නොමැති වීම නිසා පීඩාවට ලක් වෙන්න පුළුවන්, තමන් දෙන ශ්‍රමයට නිසි වේතනයක් නැති වුණා ම, එහෙම නැතිනම් වාචික ප්‍රශංසා කිරීම් නැතිකම සහ තමන්ගේ ශ්‍රමය සූරාකෑමට ලක්වීම.
🟡රැකියාව ඒකාකාරී වීම, රැකියාව කරන පරිසරයේ ස්වභාවය, නිවාඩු නොලබා දීර්ඝ කාලයක් වැඩ කිරීම සහ නිදිවරා වැඩ කිරීම.
තමන්ට ආතතිය ඇති බව හඳුනා ගන්නේ කොහොමද?
🟡ආතතිය ඇති වූ විට මානසික සහ කායික ලෙස දෙආකාරයෙන් ම ලක්ෂණ පෙන්විය හැකියි.
🟡මානසික වශයෙන් ගත් කළ; තරහ යාම, මතක ශක්තිය අඩු වීම, අවධානය අඩු වීම, කලකිරීම සහ නිතර නිතර දුක සිතීම.
🟡හුස්ම ගැනීමේ අපහසුව, හෘද ස්පන්ද වේගය වැඩි වීම, දහඩිය දැමීම සහ නින්ද නොයාම
🟡තමන්ට වෙන දා වගේ හරියට වැඩ කරන්න බැරි නම්, තමන්ගේ හැකියාව අනුව වෙන දා කරපු වැඩ ටික කරන්න බැරි නම්, ඒ වැඩ ටික සතුටින් කරන්න බැරි නම්, ඒ වගේ ම එන්න එන්නම කාර්යක්ෂමතාව අඩු වෙනවා නම් ඒ අවස්ථාවේදී සැලකිලිමත් විය යුතුයි.
🟡විශාදය තත්ත්වයට පත් වුණාට පස්සේ, සියලු ම දේ එපා වෙනවා. කලකිරෙනවා. ජීවිත නැති කරගන්න උත්සහ කරනවා. ඒ ආතතිය උග්‍ර අවස්ථාවට පත් වුණාට පස්සේ.
🟡ආතතිය දීර්ඝ කාලීනව පැවතීමෙන්, හෘද රෝග, දියවැඩියාව සහ හෝමෝන සම්බන්ධ රෝග ඇති විය හැකියි.
ආතතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර ඇතැම් අය ආතතිය දරා ගැනීමට තරම් ශක්තිමත් බව ත් ඔවුන්ගේ ජානවල එය පිහිටා ඇත. ඒකට ජානමය පසුබිම සහ ළමා කාලයේ අත්දැකීම් බලපානවා.
සමහර අය ඉන්නවා මේ අත්දැකීම් නැති වුණත් සමාජ කුසලතා වර්ධනය කරගත්ත අය. ආතතිය කළමනාකරණය කර ගැනීමේ කුසලතා, ඒ වගේ ම ආතතිය අඩු කර ගැනීමේ උපක්‍රම දන්න අයට ආතතිය ඇති වීම අඩුයි