අයහපත් කාලගුණයෙන් බෝග වගාවන්ට සිදුවූ හානිවලට රජයෙන් තීරණයක්
අධික වර්ෂාවෙන් බෝගවලට සිදුවූ හානි ගණනය ආරම්භයි - ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවති අධික වර්ෂාව නිසා වී වගාව ඇතුළු අනෙකුත් බෝගවලට සිදුවූ හානි තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
වී වගාව මේ වන විට ආරම්භක අදියරේ පැවතීම නිසා වර්ෂාවෙන් වීට සිදුවූ හානියක් වාර්තා වී නොමැති බව මණ්ඩලය සඳහන් කළේය.
නොමිලේ රක්ෂණ ආවරණය ලබන අනෙකුත් බෝග සඳහාද හානි පිළිබඳ නිශ්චිත වාර්තා මෙතෙක් ලැබී නොමැත.
කෙසේ වෙතත්, මණ්ඩල නිලධාරීන් ගොවිජනතාව සමඟ සම්බන්ධ වෙමින් වගා හානි තොරතුරු රැස්කරමින් සහන සැලසීමේ වැඩසටහන් සකස් කරමින් සිටිති.