මේ ප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීම යාවත්කාලීන කර ඇත.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන්, නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.
එහි ප්‍රකාශයට අනුව, අද (28) පස්වරු 4:00 සිට හෙට (29) පස්වරු 4:00 දක්වා පහත සඳහන් ප්‍රදේශවලට අදාලව කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය ක්‍රියාත්මක වනු ඇත.
නිවේදනය යටතේ විමසිලිමත් විය යුතු දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින් සඳහන් කර ඇත.
ගාල්ල දිස්ත්‍රික්කය: - නාගොඩ - ඇල්පිටිය - බදදේගම
මහනුවර දිස්ත්‍රික්කය: - යටිනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය: - කෑගල්ල - මාවනැල්ල - යටියන්තොට - අරණායක - දෙහිඹ්විට - රඹුක්කන
රත්නපුර දිස්ත්‍රික්කය: - කලවාන - ඇහැළියගොඩ - රත්නපුර