අස්වැසුම ගැන ලෝක බැංකුවෙන් උනන්දුවෙන්

Report

"අස්වැසුම" සමාජ ආරක්ෂණ වැඩසටහනේ සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීම සඳහා යාවත්කාලීන හා නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ වැදගත්කම ලෝක බැංකු නියෝජිතයන් අවධාරණය කළේය.

 එම දත්ත පද්ධතිය සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමටද ඔවුන් සූදානම් බව පැවසීය.

මෙම අදහස් පළ වූයේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ඒකාබද්ධ රැස්වීමකදීය. එහිදී මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීන්, ලෝක බැංකු නියෝජිතයන් සහ අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වූහ.

සුළි කුණාටුව නිසා ලංකාවටත් අනතුරු ඇඟවීම් - ඉදිරි පැය 24 නායයෑමේ අවදානමුත්

සුළි කුණාටුව නිසා ලංකාවටත් අනතුරු ඇඟවීම් - ඉදිරි පැය 24 නායයෑමේ අවදානමුත්

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ සහ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රගේ නායකත්වයෙන් පැවති මෙම රැස්වීමට ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ෆ්‍රැන්සෙස්කා ලමන්නා සහ ජ්‍යෙෂ්ඨ සමාජ ආරක්ෂණ විශේෂඥ ශ්‍රීනිවාස් වරදන් ඇතුළු නියෝජිතයන්ද සහභාගී වූහ.

ලෝක බැංකු නියෝජිතයන් පෙන්වා දුන්නේ, සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියක් මගින් සැබෑ දිළිඳුකමට සහ අවදානමට ලක්ව සිටින පුද්ගලයන් හා පවුල් නිවැරදිව හඳුනාගත හැකි බවයි. පුරවැසියන්ගේ තොරතුරු ඇතුළත් කිරීම පමණක් සුදුසුකම් ලබාදීමට ප්‍රමාණවත් නොවන අතර, එම දත්ත පරීක්ෂා කරමින් නිවැරදි ලාභීන් හඳුනාගැනීම අත්‍යවශ්‍ය බවද ඔවුහු අවධාරණය කළහ. මෙම පද්ධතිය රටකට ඵලදායී ආයෝජනයක් බැවින් එය යාවත්කාලීන කිරීමේ වැදගත්කමද ඔවුන් තවදුරටත් පෙන්වා දුන්හ. 

“කොහොමද? සර් ඉතින් සැප සනීප?” - දෑත් අල්ලගෙන මාලිමා මන්ත්‍රී මහින්දට කියූ දේ

“කොහොමද? සර් ඉතින් සැප සනීප?” - දෑත් අල්ලගෙන මාලිමා මන්ත්‍රී මහින්දට කියූ දේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් "අස්වැසුම" ප්‍රතිලාභ ලබාදීමේදී මතුවන ගැටලු පිළිබඳ අදහස් දක්වමින්, ග්‍රාමීය කමිටු මගින් ලාභීන් තෝරාගෙන, ඔවුන්ගේ නම් ග්‍රාමය තුළ ප්‍රදර්ශනය කිරීමෙන් විනිවිදභාවය තහවුරු කළ හැකි බව පැවසූහ. එසේම, වැඩසටහන ක්‍රියාත්මක කරන ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන්ට ප්‍රමාණවත් තොරතුරු නොලැබීමෙන් බාධා ඇතිව තිබූ බවත්, වර්තමානයේ ඔවුන් දැනුවත් කරමින් වැඩසටහන සාර්ථක කරගැනීමට සහාය ලබාගෙන ඇති බවත් නිලධාරීන් පැවසූහ.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීන්, ලෝක බැංකු උපදේශක ශාලිකා සුබසිංහ ඇතුළු මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

සීලරතන හාමුදුරුවන්ට කේන්ති ගිහින් ''කෝ බොල තොපේ විපක්ෂය'' අහයි

සීලරතන හාමුදුරුවන්ට කේන්ති ගිහින් ''කෝ බොල තොපේ විපක්ෂය'' අහයි