නව ජාතික බුද්ධි ප්‍රධානී ධුරයේ වැඩ අරඹයි

By Shehan Oct 28, 2025 11:57 AM GMT
Report

ජාතික බුද්ධි සේවයේ නව ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නලින්ද නියංගොඩ මහතා අද (28) වැඩ භාර ගත්තේය. මෙම පත්වීම ආරක්ෂක අමාත්‍යංශයේ බලය යටතේ සිදුවූ අතර, ඔහුගේ පත්වීමෙන් ජාතික බුද්ධි සේවයේ ක්‍රියාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇති බව අමාත්‍යංශය පවසයි.

මේජර් ජෙනරල් නියංගොඩ මහතා ඊයේ (27) ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

“කොහොමද? සර් ඉතින් සැප සනීප?” - දෑත් අල්ලගෙන මාලිමා මන්ත්‍රී මහින්දට කියූ දේ

“කොහොමද? සර් ඉතින් සැප සනීප?” - දෑත් අල්ලගෙන මාලිමා මන්ත්‍රී මහින්දට කියූ දේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නාහ සන්නද්ධ බළකායේ කීර්තිමත් නිලධාරියෙකු වශයෙන් වසර 35කට අධික සුවිශේෂී සේවාවක් සිදු කළ මේජර් ජෙනරල් නියංගොඩ, පරිපුර්ණ හා සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ඔහුගේ විශිෂ්ඨ හමුදා සේවය තුළදී, සිය කැපී පෙනෙන නායකත්වය සහ රාජකාරියට ඇති කැපවීම මනාව පිළිබිබු කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් අභියෝගාත්මක හා මූලික තනතුරු රාශියක රාජකාරි සිදු කොට ඇත.

ක්‍රියාත්මක කරන ගමන් අත්හදා බැලීම් කරන එක භයානකයි අසාර්ථක වුණොත් ලොකුම හානිය වෙන්නේ දරුවන්ට - ස්ටාලින්

ක්‍රියාත්මක කරන ගමන් අත්හදා බැලීම් කරන එක භයානකයි අසාර්ථක වුණොත් ලොකුම හානිය වෙන්නේ දරුවන්ට - ස්ටාලින්