ලසාගේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට විමර්ශනයක් - හේතුව මෙන්න

Report

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා අදාළ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සිදුවිය.

එහිදී අදාළ පුද්ගලයා වීඩියෝ ගත කරමින් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමු වී ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ පහත ආකාරය අදහසකි.

වැලිගම ඝාතනයේ ඝාතකයාව ඩුබායි සිට මෙහෙය වූ ඩුබායි ලොක්කගේ පැටිකිරිය හෙළි වේ - ඇඟ කිලිපොළා යන හෙළිදරව්වක්

වැලිගම ඝාතනයේ ඝාතකයාව ඩුබායි සිට මෙහෙය වූ ඩුබායි ලොක්කගේ පැටිකිරිය හෙළි වේ - ඇඟ කිලිපොළා යන හෙළිදරව්වක්

“වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකර ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුන් හය දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ විට එම සැකකරුවන් පැය 72 ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශණ සිදුකරනවා.

වැලිගම ඝාතකයාවත් ඇන්දූ කැකිරාවේ වඩේ වෙළෙන්දා - කරපු දේ මෙන්න

වැලිගම ඝාතකයාවත් ඇන්දූ කැකිරාවේ වඩේ වෙළෙන්දා - කරපු දේ මෙන්න

සභාපතිවරයාගේ ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී බාහිර පාර්ශවයක් හෝ අපේ පොලිස් නිලධාරියකු මගින් ඡායාරූපගත කරානම් හෝ වීඩියෝ ගත කරානම් ඒ පිළිබඳව අපි විමර්ශන කරනවා. මෙලෙස අධිකරණයේ ක්‍රියාත්මක වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මෙලෙස සාක්ෂි ඉදිරිපත් වීම එම නඩුවට අගතියක්.

ඒ වගේම වින්දිතයා ඇතුළු වින්දිත පාර්ශවයට මේක අගතියක් විදියට අපි සලකනවා. ඒ නිසා හැකි සෑම අවස්ථාවකදීම යම්කිසි අපරාධයක් සම්බන්ධයෙන් සංවේදී කරුණු සමාජගත කිරීමට පෙර ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි කියලා අපි මාධ්‍යවේදීන්ගෙනුත් ඉල්ලා සිටිනවා."