සංචරණ සීමා කඩ කරන්නන් සොයා බලන කාන්තා යතුරුපැදි බළඇණිය ( PHOTOS)
isolated
jaffna
quarantine
travel restriction
motorcycle squadron
By Sewvandhi
කොවිඞ් මර්දනය වෙනුවෙන් උතුරේ සංචරණ සීමා උල්ලංඝණය කරන්න පුද්ගලයන් සොයා කිරීම් බැලීමට ,සහ සෞඛ්‍යය නීති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පුහුණුව ලැබූ කාන්තා යතුරු පැදි බලඇණියක් යාපනයේ ස්ථාපිත කර ඇති බව යුද හමුදාව පවසනවා.
ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මෙම කාන්තා යතුරුපැදි බලඇණිය ස්ථාපිත කර තිබෙනවා.
උතුරේ ජනතාව සමඟ සහ සම්බන්ධතාවයෙන් කටයුතු කිරීම සඳහා සෙබළියන් සිය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම යතුරු පැදි කණ්ඩායමට බඳවාගෙන ඇති බවත් ද්‍රවිඩ භාෂාව හැසිරීම සම්බන්ධයෙන් මනා පුහුණුවක් ද ලබා දී ඇති බවද හමුදාව පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



