ඉතිහාසයේ ප්‍රථම වරට දුම්රිය රියදුරු ඇතුළු තනතුරු කිහිපයකට කාන්තා නිලධාරිනියන්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ පළමු වතාවට දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තාක්ෂණික හා කළමනාකාරී තනතුරු කිහිපයකට කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය වශයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.
මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ප්‍රියදර්ශන මහතාය.
ඔහු මේ බව අනාවරණය කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ සතිපතා මාධ්‍ය හමුව අතරතුරදීය.