වෙනිසියුලාවේ භූකම්පනයෙන් 50,000ක් අතුරුදන් අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම්

Report

වෙනිසියුලාවේ කැරකස් අගනුවර ආශ්‍රිතව සිදුවූ අතිශය විනාශකාරී ද්විත්ව භූ කම්පනයෙන් සුන්බුන් අතර සිරවී අතුරුදන්වූවන් කඩිනමින් සෙවීමේ සහ ගලවා ගැනීමේ මහා මෙහෙයුම් සඳහා අද 27 වනදා දිනය ඉතාමත් තීරණාත්මක එකක් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ වත්මන් ප්‍රධානී ටොම් ෆ්ලෙචර් මහතා පවසයි.

ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් පෙන්වා දෙන්නේ මේ වන විටත් ක්ෂේත්‍රයේ සෝදිසි මෙහෙයුම්වල දැඩි ලෙස නිරතව සිටින ජාත්‍යන්තර සහ දේශීය සහන සේවා කණ්ඩායම්වලට ජීවිත බේරාගැනීම සඳහා පවතින ඉතාමත් සීමිත කාලය සමඟ දැඩි තරගයක නිරතවීමට සෘජුවම සිදුව ඇති බවය.

ප්‍රදේශයම භීතියට පත් කරමින් ගිං ගගේ පා වෙමින් ආ මළ සිරුරේ සුළ මුල හෙළිවේ - ඇගේ කොටපු පච්චෙන් සියල්ල මාට්ටු

ප්‍රදේශයම භීතියට පත් කරමින් ගිං ගගේ පා වෙමින් ආ මළ සිරුරේ සුළ මුල හෙළිවේ - ඇගේ කොටපු පච්චෙන් සියල්ල මාට්ටු

කෙසේවෙතත් පසුගිය බදාදා රාත්‍රී කාලයේදී වෙනිසියුලාව කැළඹූ මෙම ප්‍රබල භූ කම්පන මාලාව හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 900 ඉක්මවූ සංඛ්‍යාවක් නිල වශයෙන් වාර්තා වී ඇති අතර තවත් අතිවිශාල පිරිසක් සුන්බුන් අතර සිරවී අතුරුදන්ව ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.

දැනට බිම් මට්ටමින් වාර්තා වී ඇති ජාත්‍යන්තර තොරතුරුවලට අනුව 50000 ක පමණ අතිවිශාල ජනකායක් මෙම ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් අතුරුදන්ව ඇති බවයි ටොම් ෆ්ලෙචර් මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

භූමිකම්පාවෙන් දියණිය බේරා ගැනීමට ගිය ප්‍රකට පාපන්දු ක්‍රීඩක හෙක්ටර් බෙලෝගේ බිරිඳ මරුට

භූමිකම්පාවෙන් දියණිය බේරා ගැනීමට ගිය ප්‍රකට පාපන්දු ක්‍රීඩක හෙක්ටර් බෙලෝගේ බිරිඳ මරුට

එමෙන්ම සිදුකළ මූලික හඳුනාගැනීම්වලට අනුව මෙම බරපතළ භූ කම්පනය හේතුවෙන් වෙනිසියුලාවට පැමිණ සිටි විවිධ විදෙස් ජාතිකයින් 40 දෙනෙකු ද අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව මේ වන විට නිල වශයෙන් තහවුරු වී තිබේ.