මකුළුදූවම හඩවමින් තාත්තා අරන් දීපු යතුරුපැදියෙන්ම අවසන් ගමන් ගිය දහම්නෙත්

Report

 මකුළුදූව ප්‍රදේශයේදී පාසල් සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී දුරකථන කණුවක ගැටීමෙන් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පිළියන්දල පොලීසිය පවසයි.

අනතුර සිදුව ඇත්තේ අද (27) පෙරවරුවේදීය. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ 11 වන වසරේ අධ්‍යාපනය ලැබූ 16 හැවිරිදි ඉසල දහම් නෙත් හෙට්ටිආරච්චි නමැති සිසුවාය.

ඔහු පිළියන්දල, නිවන්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවද පොලීසිය සඳහන් කරයි. අනතුරින් යතුරුපැදියේ ඉදිරිපස රෝදය ඇතුළු කොටස් කිහිපයක් කැඩී වෙන් වී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මියගිය සිසුවා විසින් පැදවූ යතුරුපැදිය කොටස් එකලස් කරන ලද එකක් බවත්, එහි වේගය වැඩි කිරීම සඳහා වෙනත් යතුරුපැදියක එයාර් ෆිල්ටරයක් සවිකර තිබූ බවත් පොලීසිය පවසයි.

ස්වයංක්‍රීය වාහන යුගයට නව හැරවුමක් — ලෝකයේ පළමු නීතිමය ප්‍රමිතිය අනුමතයි

ස්වයංක්‍රීය වාහන යුගයට නව හැරවුමක් — ලෝකයේ පළමු නීතිමය ප්‍රමිතිය අනුමතයි

එමෙන්ම සිසුවාට රියදුරු බලපත්‍රයක් නොතිබූ බවද විමර්ශනවලදී හෙළි වී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ පසුපැදිකරු ආරක්ෂක හිස්වැසුම් පැළඳ නොසිටි බවද අනාවරණය වී තිබේ. බරපතළ තුවාල ලැබූ ඔහු සුවසැරිය ගිලන් රථයකින් කළුබෝවල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

පොලීසිය පවසන්නේ යතුරුපැදිය අරැව්වල දෙසට ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී වේගය පාලනය කරගත නොහැකිව දුරකථන කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළියන්දල, කැස්බෑව හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

නීතිඥයා ඉදිරියේ සුරේෂ් සලේ අත්අකුරින්ම ලියූ ලියවිල්ලේ තියෙන්නේ මොනවාද? බිරිඳ රටටම හෙළි කරයි

නීතිඥයා ඉදිරියේ සුරේෂ් සලේ අත්අකුරින්ම ලියූ ලියවිල්ලේ තියෙන්නේ මොනවාද? බිරිඳ රටටම හෙළි කරයි