මින් පස්සේ කාන්තාවන්ට තනියම දුර ගමන් යාම තහනම්...පිරිමියෙකු සමග යාම අනිවාර්ය කෙරේ.
Gossips
World News
Afgansthan
women-are-not-allowed-to-travel-alone
By Aruna
නව නීතියක් පැනවේ. ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට කිලෝමිටර 72කට වඩා දුර ගමන් තනිව යාම තහනම් කරමින් තලෙයිබාන් පාලනය විසින් නව නීති පනවා තිබෙනවා.
පවුලේ සමීපතම පිරිමි ඥාතියෙකු නොමැතිව එලෙස දුර ගමන් යන ඇෆ්ගන් කාන්තාවන්ට ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන ලෙස තලෙයිබාන් පාලනය දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම, ඉස්ලාමීය හිජාබය නොපලදින කාන්තාවන්ට ද වාහන ලබාදීමෙන් වළකින ලෙස තලෙයිබාන් පාලකයින් වාහන හිමිකරුවන්ට මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |