ව්‍යාජ පිස්තෝලයක් රැගෙන අධිකරණය කලබල කළ කතක් රිමාන්ඩ්
ව්‍යාජ පිස්තෝලයක් රැගෙන අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව නොවැම්බර් 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ අනුව ලැබුණු වාර්තාවලට අනුව, ලක්ෂ්මි නැතහොත් දීපිකා මුදලි හේරත් නමැති අඳාළ කාන්තාව ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන ඇත්තේ සාමාන්‍ය පරීක්ෂාවකදී ඇගේ අත්බෑගය තුළ පිස්තෝලයක් බව පෙනෙන යමක් සොයා ගැනීමෙන් අනතුරුවයි.
එසේම පොලිස් විමර්ශනවලදී ඇය තංගල්ල නොතෙල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින බව අනාවරණය වුණා.
රථවාහන නඩුවක් සම්බන්ධයෙන් ඇය උසාවියට පැමිණි බව ඇය නිලධාරීන්ට පවසා ඇත.
එහෙත් ඇගේ අනන්‍යතාවය සහ නඩු විස්තර පරීක්ෂා කළත් එබදු නඩුවක් අධිකරණ වාර්තාවල හමු නොවූ බැවින් ඇගේ අරමුණ සම්බන්ධයෙන් යම් සැකයක් මතුව ඇත. එබැවින් වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් පසු පිස්තෝලය ව්‍යාජ එකක් බවට තහවුරු වී ඇත.
පසුව කාන්තාව ඉදිරි නීතිමය කටයුතු වෙනුවෙන් අවිස්සාවේල්ල පොලීසිය වෙත භාර දීමට කටයුතු කළා.
ඒ අනුව පොලීසිය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ප්‍රබුද්ධ ජයසේකර මහතා සැකකරු ලබන නොවැම්බර් 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් නියෝග කර ඇත.