ලංකාවේ ඉන්ධන ප්‍රශ්නය විසඳෙයි - ඉන්දියාවෙන් විජිතගේ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර

Report

ඉකුත් මාර්තු 06 වන දින ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමඟ පැවැති නිල හමුවේදී මැදපෙරදිග යුදමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ සාකච්ඡාවක නිරතව ඇත.

එහිදී මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙරට බලශක්ති අවශ්‍යතාවයට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම සඳහා එම ඉල්ලීම සිදු කර තිබෙනවා.

ලෝක තෙල් අර්බුදය – ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ඉන්දියාවෙන් තෙල් ඉල්ලයි

ලෝක තෙල් අර්බුදය – ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ඉන්දියාවෙන් තෙල් ඉල්ලයි

ඒ අනුව ​අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ධනාත්මක ප්‍රතිචාරය ලබා දී ඇති බව වාර්තා වේ.

එසේම ඒ සඳහා ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් පවතින බවද වැඩිදුරටත් දන්වා ඇත.

මෙමඟින් ඉදිරි කාලසීමාව තුළ මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙන බව සඳහන්.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ඉරානයේ නව නායකයාගේ පළමු නිල ප්‍රකාශයෙන් ලෝකයම තැති ගනී - ජාත්‍යන්තරයම කැළඹෙයි

ඉරානයේ නව නායකයාගේ පළමු නිල ප්‍රකාශයෙන් ලෝකයම තැති ගනී - ජාත්‍යන්තරයම කැළඹෙයි

ලංකාවම සමරන්න බලන් හිටපු අලුත් අවුරුදු නැකත් ගැන විශේෂ නිවේදනයක්

ලංකාවම සමරන්න බලන් හිටපු අලුත් අවුරුදු නැකත් ගැන විශේෂ නිවේදනයක්