බස් එකෙන් බැහැපු දුවට කතා කරන්න ගිය මව තවත් බසයකට යටවෙයි - ජීවිතක්ෂයට

Report

මීරිගම බස් නැවතුම්පලේදී අද (31) දින දහවල් බස් රථයකට යටවු කාන්තාවක් මරණයට පත්ව ඇති බව මිරිගම පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ අලව්ව ඉහල බුත්ගමුවේ පදිංචිකාරියක වූ ඩබ්ලියු.ඒ. සුමනාවති නැමැති 65 හැවිරිදි මවක් බවට පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

අනතුරින් මියගිය කාන්තාව උදෑසන ඇගේ දියණියක සමඟ රේන්දපොළ බෝධියට පැමිණ වන්දනාමාන කර ආපසු යාබද අලව්ව බසයට ගොඩවී සිට ඇති බවත් ඒ අතර දියණිය නැවත බසයෙන් බැස බැංකුවේ මුදල් හුවමාරු යන්ත්‍රය ඇති ස්ථානයට ගොස් තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා.

ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

ඒ අතරතුර බසය පිටත් වීමට සූදානම්ව ඇති බැවින් මව බසයෙන් බැස දියණියට කතා කර ඇය සමඟ යළි බසයට ගොඩවීමට පැමිණ ඇත.

එහිදී දියණිය බසයට ගොඩවී ඇති අතර ඒ අවස්තාවේදීම මීගමුව සිට පැමිණි වෙනත් බස් රථයක මෙම කාන්තාව ගැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.  

නාගොඩ රෝහල තුළ වෙඩිතැබීමක්

නාගොඩ රෝහල තුළ වෙඩිතැබීමක්

ලොවක් දන්න සුපිරි නළු තලපති විජේට අන්තිම තත්ත්පරේ වෙච්ච දෙයක් - දෙනෝ දාහක් මැද වැටිලා

ලොවක් දන්න සුපිරි නළු තලපති විජේට අන්තිම තත්ත්පරේ වෙච්ච දෙයක් - දෙනෝ දාහක් මැද වැටිලා