යුරෝපා සංගමය දක්වා ගිය TikTok වීඩියෝව - විමර්ශනය කරන්නැයි ඉල්ලීමක්
අසත්‍ය AI වීඩියෝවක් TikTok තුළ සංසරණය වීම නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන මෙන් පෝලන්තය යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් සිදුකර ඇත.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෝලන්තය සඳහන් කරන්නේ, මෙම වීඩියෝව රුසියාව මඟින් පෝලන්තය සම්බන්ධයෙන් සිදුකරනු ලබන දුර්මත ප්‍රචාරණයක් බවයි.
ඉකුත් සති කිහිපය තුළ, පෝලන්ත ජාතික වර්ණිත ඇඳුම් ඇඳගත් තරුණියන් පෙනී සිටින වීඩියෝ මාලාවක් TikTok ගිණුමක් ඔස්සේ පළ කරමින්, එතුළ පෝලන්තය යුරෝපා කොමිසමෙන් ඉවත් විය යුතු බවට ප්‍රකාශ කර තිබෙන අතර, එම ගිණුම විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන තිබුණා.
එහෙත් අද වන විට එම වීඩියෝව පළ කරනු ලැබූ TikTok ගිණුම අතුරුදහන් වී ඇත.
ඒ අනුව පෝලන්තය පෙන්වා දෙන්නේ, මෙවැනි AI-නිර්මාණ යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදයට හා මහජන මතයට බලපෑම් කළ හැකි අවස්ථාවක් විය හැකි බවයි.