මුස්ලිම් මන්ත්‍රීවරියකුට වැඩ වරදී - විනය කඩ කරාලු

Report

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂය විසින් කොළඹ මහ නගර සභාවේ අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නාගරික මන්ත්‍රීනි සොහ්රා බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

කොළඹ මහා නගර සභාවේ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස පක්ෂ නායක රවුෆ් හකීම් මහතා විසින් පෞද්ගලිකවම විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් දී තිබූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් විසින් නිකුත් කරන ලද ලිපියක සදහන් වේ.

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර වැඩි ඡන්දයෙන් සම්මතයි

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර වැඩි ඡන්දයෙන් සම්මතයි

කෙසේ වෙතත්, එම උපදෙස් නොතකා සොහ්රා බුහාරි මහත්මිය අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම "පක්ෂ විනය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්" බව මුස්ලිම් කොංග්‍රසය සදහන් කරයි.

මුස්ලිම් මන්ත්‍රීවරියකුට වැඩ වරදී - විනය කඩ කරාලු | Slmc Suspends Councillor Over Colombo Budget Vote