සජබේ ලොක්කෙක් කාන්තාවකගේ රථයට බලෙන් පැන ආල පාන්න ගිහින් - කාන්තාව පොලීසි යයි

Report

නාරාහේන්පිට ප්‍රදේශයේ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයකට ගොස් ඒ අසල තිබූ විවාහක කාන්තාවකගේ කාර් රථයට බලහත්කාරයෙන් ගොඩ වූ බව කියන සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරෙහිව අඳාළ කාන්තාව විසින් නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වේ.

එහිදී එම සිද්ධිය නිසා තමා කම්පනයට පත් වූ බව ඇය පොලිසියට පවසා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අඳාළ පැමිණිල්ල කළ කාන්තාව කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ තනතුරක් හොබවන තැනැත්තියක් වන අතර ඇයද ඒම ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයට පැමිණි කාන්තාවක බව සඳහන්.

ඒ අනුව නාරාහේන්පිට ප්‍රදේශයේ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයකට පෙරේදා උදෑසන ගොස් මෙම කාන්තාව ඇයට අයත් කාර් රථයේ රියැදුරු අසුනේ වාඩි වී සිට ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර් රථය නතර කර තිබූ ස්ථානයට පැමිණ කාර් රථයේ වීදුරුවට තට්ටු කර ' මට ඔයත් එක්ක කතා කරන්න ඕනෑ' යනුවෙන් පවසා ඇත.

ජොබ් එකක් නැත්නම් මම හිඟා කනවා - බඩුත් අරන් එළියට බැස්ස වෛද්‍ය රුක්ෂාන් මාධ්‍යයට කියයි

ජොබ් එකක් නැත්නම් මම හිඟා කනවා - බඩුත් අරන් එළියට බැස්ස වෛද්‍ය රුක්ෂාන් මාධ්‍යයට කියයි

එවිට ‘මට ඔයත් එක්ක කතා කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. කරුණාකර මට කරදර නොකර යන්න‘ යනුවෙන් අඳාළ කාන්තාව පවසා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

එවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර් රථයේ දොර විවෘත කරගෙන බලහත්කාරයෙන් වාඩි වීම නිසා තමා කම්පන තත්ත්වයකට පත් වූ බවද ඇය පොලිසියට පවසා ඇති බව පොලිසිය වාර්තා කරයි.

එහිදී ‘ඔයා මගෙන් එක කතා කරන්නේ නැත්තේ ඇයි‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාන්තාවගෙන් ඇසූ විට 'මට ඔයත් එක්ක කතා බහ කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. අනේ ප්ලීස් මට කරදර නොකර කාර් එකෙන් බැහැලා යන්න“ යනුවෙන් ඇය යළිත් වරක් කියා ඇති බව සඳහන්.

එහිදී කාන්තාව කළ ඉල්ලීමට අවනත වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර් රථයෙන් බැස පිටව ගොස් ඇති බවත් මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමට පැමිණි කාන්තාව කියූ බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් - හේතුව දන්වා අමාත්‍යාංශයෙන් ලිපියක්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් - හේතුව දන්වා අමාත්‍යාංශයෙන් ලිපියක්

එමෙන්ම තමාගේ දරුවකු සමඟ මෙම මන්ත්‍රීවරයාගේ දරුවන් ද එකම පාසලේ අධ්‍යාපනය හදාරන බැවින් ඔහුව හඳුනන බවත් ඇය පොලිසියට පවසා ඇත.

එමෙන්ම මීට කලකට පෙරදී ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම කාන්තාවගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත් විට එම දුරකථන අංකය අවහිර කර ඇති බවත් යළිත් වෙනත් දුරකථන අංකයකින් ඇමතුමක් ගත් අවස්ථාවේ එම දුරකථන අංකය ද අවහිර කර ඇති බවත් ඇය පොලිසියට පවසා තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට ඇයව මෙවැනි ආකාරයට අපහසුතාවන්ට පත් නොකරන ලෙසට ඒම මන්ත්‍රීවරයා පොලිස් ස්ථානයට කැඳවා දැඩි ලෙස අවවාද කරන මෙන් අඳාළ කාන්තාව ඉල්ලීමක් කළ බවද පොලිසිය පවසයි.

ඒ අනුව එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැමිණිලිකාර කාන්තාව පොලිස් ස්ථානයට කැඳවා පැමිණිල්ල විභාග කිරීමට නාරාහේන්පිට පොලිසිය කටයුතු යොදාගෙන යන බව සඳහන්.

ලංකාවට තවත් අසුබ පණිවුඩයක් - අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක්

ලංකාවට තවත් අසුබ පණිවුඩයක් - අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක්