නොසිතූ මොහොතක පීලි පැන්න දුම්රිය - ඇසෑම් ප්‍රදේශයේ දුම්රිය මැදිරි හතක් පීලි පැන මගීන් රැසක් අනතුරේ
By Malith Madushan
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් මගීන් රැසක් තුවාල ලබා තිබේ. කොල්කටා සිට සයිරං දක්වා ධාවනය වන කොල්කටා-සයිරං එක්ස්ප්‍රස් දුම්රියේ එන්ජිම ඇතුළු මැදිරි හතක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බව වාර්තා වේ.
ගුවහාටි නගරයට ආසන්න ඩිගරු ප්‍රදේශයේදී අද (11) අලුයම මෙම අනතුර සිදුව තිබේ. මිසෝරාම් ප්‍රාන්තයේ සිට කොල්කටා බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූවන් අතර බරපතළ තත්ත්වයේ පසුවන මගීන්ද සිටින බව මූලික වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත්, අනතුරට හේතුව, තුවාල ලැබූ මගීන්ගේ නිශ්චිත සංඛ්‍යාව සහ සිදුවූ හානියේ ප්‍රමාණය පිළිබඳව මෙතෙක් සම්පූර්ණ තොරතුරු අනාවරණය වී නොමැත.