රඹෑවේ මාරක බස් රථ අනතුර ගැන පොලීසියට නියෝගයක් - විධිමත් විමර්ශනයක් කරන්න යැයි ඉල්ලයි

Report

අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර ඊට අදාළ විමර්ශන වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් ඩී.එල්. සමරසිංහ මහත්මිය මිහින්තලය පොලීසියට නියෝග කර තිබේ.

මිහින්තලය පොලීසිය විසින් බී (B) වාර්තාවක් මඟින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් අතිරේක මහෙස්ත්‍රාත්වරිය රඹෑව ප්‍රදේශයේ අනතුර සිදුවූ ස්ථානය සහ අනතුරට පත් බස් රථ තුන පෞද්ගලිකව නිරීක්ෂණය කිරීමට පියවර ගත්තාය.

මුළු ලංකාවටම වලංගු වන පරිදි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

මුළු ලංකාවටම වලංගු වන පරිදි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

එම නිරීක්ෂණයෙන් අනතුරුව, අනතුරට ලක්වූ බස් රථ තුන සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් මෝටර් රථ පරීක්ෂකවරයා ලවා පරීක්ෂණ පවත්වා අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය පොලීසියට වැඩිදුරටත් නියෝග කළාය.

පසුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගිය අතිරේක මහෙස්ත්‍රාත්වරිය අනතුරින් මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ පරීක්ෂා කළ අතර, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා එම වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.

පරීක්ෂණවලින් අනතුරුව මෘතදේහ ඥාතීන් වෙත භාරදීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දී තිබේ. A9 මාර්ගයේ අනුරාධපුර රඹෑව ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ (10) සිදුවූ මෙම මාරක අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් 71 දෙනෙකු තුවාල ලැබූහ.

විශේෂ දැනුම්දීමක් -ලංකාවට ක්ෂණික ගංවතුර අවදානමක් ජනතාවට දැඩි අවධානයෙන් සිටින්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

විශේෂ දැනුම්දීමක් -ලංකාවට ක්ෂණික ගංවතුර අවදානමක් ජනතාවට දැඩි අවධානයෙන් සිටින්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

වව්නියාව දෙස සිට රඹෑව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි අනෙක් ලංගම බස් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එක් බස් රථයක රියදුරෙකුගේ අන්තරාදායක සහ නොසැලකිලිමත් රිය පැදවීම ඊට හේතු වී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.