මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක් - මෙහෙම වුණොත් හැමෝම ගොඩ

Report

මෙම වසරේ (2026) මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 19 සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 08 වැනිදා දක්වා වූ කාලය තුළ සමස්ත සංචාරකයින් 1,912,233 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

එමෙන්ම නොවැම්බර් 01 වනදා සිට 08 වනදා දක්වා වූ මුල් සතිය තුළ පමණක් සංචාරකයින් 49,929 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ද අදාළ වාර්තාවල දැක්වේ. වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි රට ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවන අතර, එම කාලය තුළ ඉන්දීය සංචාරකයින් 512,026 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ඊට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 176,670 දෙනෙකු ද, චීනයෙන් සංචාරකයින් 126,326 දෙනෙකු ද, ජර්මනියෙන් සංචාරකයින් 108,754 දෙනෙකු ද මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

මුළු ලංකාවටම වලංගු වන පරිදි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

මුළු ලංකාවටම වලංගු වන පරිදි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් තුන්නමක් මාරාන්තික උපවාසයක් ආරම්භ කරයි

බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් තුන්නමක් මාරාන්තික උපවාසයක් ආරම්භ කරයි