ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් සටනේ තීරණාත්මක තෙවැනි දවස අදයි - කඩුලු 3ක් දැවී ලකුණු 114යි

Report

පාකිස්තානය සමඟ රාවල්පින්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 114ක් ලබා සිටියේය.

ඒ අනුව, පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 434ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව තවත් ලකුණු 320ක් පිටුපසින් පසුවේ.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් දෙවැනි දිනයේ තරගය නතර කරන විට ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 22ක් සහ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 40ක් රැස්කරගෙන සිටියහ.

දිවා අහාරයට තරගය නතර කරද්දී පාකිස්තානය ප්‍රබල තැනක - කඩුලු 6ක් දැවී ලකුණු 390යි

දිවා අහාරයට තරගය නතර කරද්දී පාකිස්තානය ප්‍රබල තැනක - කඩුලු 6ක් දැවී ලකුණු 390යි

කමිඳු මෙන්ඩිස්ගේ ඉනිමට හතරේ පහර පහක් ඇතුළත් වූ අතර, ධනංජය ද සිල්වා හතරේ පහර දෙකක් එල්ල කර තිබුණි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු තුනෙන් එක් කඩුල්ලක් ලෙස ළහිරු උදාර ලකුණු 42ක් ලබා සිටියදී දැවී ගියේය. පාකිස්තාන පන්දු යවන්නන් අතරින් සයිකිබ් ඛාන් කඩුලු දෙකක් දවාගත් අතර, මොහොමඩ් අබ්බාස් එක් කඩුල්ලක් බිඳහෙළීමට සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු නවයක් දැවී ලකුණු 434ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඒ අනුව, තරගයේ තෙවැනි දිනය හෙට (12) පැවැත්වීමට නියමිතය.

IPL 2027ට පෙර ක්‍රිකට් පිටියේ ලොකු පෙරළියක් - ක්‍රීඩක මාරුවීම් අතර හර්දික් ගැනත් අලුත් ආරංචියක්

IPL 2027ට පෙර ක්‍රිකට් පිටියේ ලොකු පෙරළියක් - ක්‍රීඩක මාරුවීම් අතර හර්දික් ගැනත් අලුත් ආරංචියක්