අයවැයට පෙර කොටස් වෙළෙඳපොළේ වෙනසක් - අද කොටස් වෙළෙඳපොළේ සිදුවූ දේ මෙන්න
හෙට (12) දින ඉදිරිපත් කිරීමට නියමිත ජාතික අයවැය සම්බන්ධයෙන් වෙළෙඳපොළේ අවධානය යොමුව තිබියදී අද (11) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ පහළ යාමක් වාර්තා කර තිබේ.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 60.10කින් පහළ ගොස් ඒකක 22,063.29ක් ලෙස සටහන් වී ඇති අතර, එය පෙර දිනයට සාපේක්ෂව සියයට 0.27ක පහළ යාමකි. එසේම, S&P SL20 දර්ශකය ද ඒකක 17.76කින් පහළ ගොස් ඒකක 6,350.36ක් ලෙස සටහන් වී තිබේ.
එම දර්ශකයේ පහළ යාම සියයට 0.28කි. අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 1.42ක් ලෙස වාර්තා වූ අතර, ඉන් රුපියල් මිලියන 354.73ක දායකත්වයක් ලබාදෙමින් ද්‍රව්‍ය කර්මාන්ත අංශය ඉහළම ගනුදෙනු පිරිවැටුමක් වාර්තා කර ඇත.
මේ අතර, ඩයලොග් ආසියාටා, ඩිස්ටිලරීස් සමාගම, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, හේලීස් සහ හේමාස් හෝල්ඩින්ග්ස් යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාම සීමා කිරීමට දායක වී තිබේ.
කෙසේ වෙතත්, සිංගර් ශ්‍රී ලංකා, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පනි, කාර්සන් කම්බර්බැච් සහ ජනශක්ති ඉන්ෂුවරන්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම දර්ශකයේ පහළ යාමට බලපා ඇත.
තවද, ඩයලොග් ආසියාටා සමාගම කොටසක් සඳහා රුපියල් 0.70ක ලාභාංශයක් ප්‍රකාශයට පත් කර තිබේ.
සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් සමාගම කොටසක් සඳහා රුපියල් 10ක ලාභාංශයක් සහ ත්‍රී ඒකර් ෆාම්ස් සමාගම කොටසක්
සඳහා රුපියල් 35ක ලාභාංශයක් ප්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම, ඒෂියා සියාකා සමාගම ද කොටසක් සඳහා රුපියල් 0.23ක ලාභාංශයක් ප්‍රකාශයට පත් කර තිබේ.