කඩුගන්නාව සහ මහනුවර පාරේ යන අයට හදිසි අනතුරු ඇඟවීමක් - තවදුරටත් ගල් පෙරළීමේ බරපතළ අවදානමක්

Report

කඩුගන්නාව ප්‍රදේශයේ තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශයේ ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා අනතුරු අඟවයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊයේ (10) කඩුගන්නාව ප්‍රදේශයේ ගල් පෙරළීමේ සිද්ධිය වාර්තා වූ ස්ථානයට ඉහළින් තවත් ගල් පවතින බැවින් ඒවා ද පහළට පෙරළී ඒමේ අවදානමක් ඇති බවයි. එමෙන්ම කඩිගමුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආශ්‍රිතව ද ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ඔහු සඳහන් කළේය.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිවලට ඇතුළත් නොවන ඇතැම් ප්‍රදේශවලට ස්ථානීය වර්ෂාපතනයන් ලැබීම හේතුවෙන් නායයෑම් සහ ගල් පෙරළීම් වැනි ආපදා තත්ත්වයන් පුරෝකථනය කිරීම වඩාත් සංකීර්ණ වී ඇති බව ද ආචාර්යවරයා පෙන්වා දෙයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වර්ෂාමාන දෙකක් අතර කිලෝමීටර් 6ත් 10ත් අතර දුරක් පැවතිය හැකි බැවින් එම මිනුම් ස්ථාන අතර පිහිටි ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය පිළිබඳ නිවැරදි දත්ත ලබාගැනීමේ අපහසුතාවක් පවතින බවයි.

ඒ සඳහා උදාහරණයක් ලෙස කඩුගන්නාවේ ගල් පෙරළීම සිදුවූ ස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි කුරුකුත්තල පාසලේ වර්ෂාමානයේ සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නොතිබුණ ද, අනතුර සිදුවූ ස්ථානයට ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් ගල් පෙරළීම සිදුව ඇති බවට නිරීක්ෂණය වන බව ඔහු සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයන් හමුවේ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව කාලගුණික වෙනස්කම් සහ පවතින අවදානම් තත්ත්වයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය බව ද ආචාර්ය වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 29.2ක ශුද්ධ ලාභයක්! - රජයෙන් දුන් රුපියල් බිලියන 41ක ඉන්ධන සහනාධාරයේ රහස මෙන්න

ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 29.2ක ශුද්ධ ලාභයක්! - රජයෙන් දුන් රුපියල් බිලියන 41ක ඉන්ධන සහනාධාරයේ රහස මෙන්න

නිදන කාමරයේදී වෙඩි තබා මාධ්‍යවේදිනිය ඝාතනය කරයි.. සැමියා අත්අඩංගුවට - පාකිස්තානය කැළඹෙයි

නිදන කාමරයේදී වෙඩි තබා මාධ්‍යවේදිනිය ඝාතනය කරයි.. සැමියා අත්අඩංගුවට - පාකිස්තානය කැළඹෙයි