කාන්තාවකගේ මළ සිරුරක් ගෝනියකින් හමුවෙයි

ajith rohana woman dead body sack valachchena
By Sewvandhi Aug 06, 2021 02:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කාන්තාවකගේ මළ සිරුරක් ගෝනියක දමා වාලච්චේන වෙළඳසලකින් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

වෙළඳ සැලේ ගෝනි දෙකක් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම ගෝනි දෙක පරීක්ෂාවට ලක් කර ඇති අතර එක් ගෝනියක පොහොර ද සෙසු ගෝනියෙ කාන්තාවගේ මළසිරුරක්ද තිබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

වාලච්චේන ප්‍රදේශයේ අතුරුදහන් වූ 55 හැවිරිදි කාන්තාවක් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොලිසිය සැක කරන්නේ මේ ගෝනියේ ඇති මළ සිරුර එම කාන්තාවගේ බවයි.

මෙම කාන්තාව බැංකුවට යන බව පවසා නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර පසුව නිවසට නොපැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳ සැලේ හිමිකරු සහ තීරෝද රථ ත්‍රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



Gallery
ReeCha