මහින්දානන්දට සහ නලින්ට එරෙහි නඩුවේ ලේඛන කැඳවයි

Report

මේ වන විට වනවිට බරපතල වැඩ සහිතව දැඩි දඬුවම් විඳින  මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ ලේඛන කැඳවීමට කොළඹ මහාධිකරණය අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියම කර තිබේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000 ක් සතොස ආයතනය හරහා ආනයනය කර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් මේ වනවිට සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ඇප මත මුදාහැර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව අද කැඳවු අවස්ථාවේදිය.

රත්තරනින් පළඳින්න ආස ඔයාට අද දවසේ රන් මිල මෙන්න

රත්තරනින් පළඳින්න ආස ඔයාට අද දවසේ රන් මිල මෙන්න

ලැයිස්තුගත කර තිබෙන ලේඛන හෝ ඒවායේ මුල් පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබේ නම් ඒවා අද සිට සතියක් තුළ තම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස එහිදි කොළඹ මහාධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට වැඩිදුරටත් නියෝග කළේය.

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්