ඉන්දියාවෙන් ඇහෙන දරුණු ඛේදවාචකය, පුද්ගලයන් 100කට වැඩියෙන් අතුරුදන්

Report

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයක ඇතිවූ වැසි කුණාටුවක් සමඟ හටගත් හදිසි ජලගැලීමකින් පහත්බීම්වල පිහිටි නිවාස රැසක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව හානියට පත් ධරාලි ගම්මානයේ පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බව පවසයි. එසේම සුන්බුන් අතර සිරවූ පිරිස් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

මේ අතර මෙම අනතුරින් එහි පිහිටි හමුදා කඳවුරක් ද වැනසී ඇති අතර, එහි සිටි හමුදා නිලධාරීන් නව දෙනෙක් ද මෙම අතුරුදන් වූ පිරිසට අයත් වේ.

මෙසේ ඊයේ (05) දින ධරාලි ගම්මානයට දැවැන්ත ජල ප්‍රහාරයක් ගලා ඒමෙන් අනතුරුව උත්තර්කාෂි දිස්ත්‍රික්කයේ ගමන් මාර්ග සහ ගොඩනැගිලි ජලයෙන් යට වී තිබෙනවා.

එසේම අධික වර්ෂාපතනය නිසා හානි වූ මාර්ග සහ දිස්ත්‍රික්ක වෙත නිලධාරීන්ට ළඟා වීමට නොහැකි වී තිබුණ බව සඳහන්.

ඉකුත් සති කිහිපය තුළ හිමාලයානු ප්‍රාන්තයේ උත්තරාකන්ද් ප්‍රාන්තයට අධික ලෙස වර්ෂාව ඇද හැලෙමින් පවතී.

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

ඒ අනුව ධරාලි ගම්මානය පිහිටා ඇති උත්තර්කාෂි නගරය විශේෂයෙන් බලපෑමට ලක්ව පවතින අතර බොහෝ ස්ථානවල ගංවතුර තත්ත්ව ද වාර්තා වී තිබෙනවා.

එසේම ඉදිරි දින කිහිපය තුළ ද කලාපයේ අධික වර්ෂාපතනයක් ඇති වනු ඇතැයි ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

අහස උසට යන ලංකාවේ වාහන මිල

අහස උසට යන ලංකාවේ වාහන මිල