අද නව අගමැතිවරයෙක් පත් වන්නේ මෙහෙමයි - නව අගමැතිවරයා කවුරුන් විය හැකි ද..?
pakistan
prime minister
World news
gavernment
sri lanka trending news
By krishani
පාකිස්තානයට නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා එරට ජාතික සභාව අද (11) උදෑසන 11 ට රැස්වීමට නියමිතයි.
ඒ අනුව බොහෝ දුරට එරට විපක්ෂ නායක සහ මුස්ලිම් ලීගයේ සභාපති ෂෙබාස් ශරීෆ් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වනු ඇති බවයි වාර්තා වන්නේ.
70 හැවිරිදි වියේ පසුවන මොහු පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ගේ බාල සොහොයුරා ද වනවා.
ෂෙබාස් ශරීෆ් සමඟ පාකිස්ථාන අග්‍රාමාත්‍ය තනතුර සඳහා හිටපු විදේශ අමාත්‍ය මොහොමඩ් කුරේෂි ද නාම යෝජනා ලබා දී තිබෙනවා.
පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන් විශ්වාසභංග යෝජනාවකින් එම ධුරයෙන් ඊයේ ඉවත් කරනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |