වැලිගම සභාපති ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනෙක් ගාල්ලෙදි මාට්ටු
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාව ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මාතර දිසා අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඔවුන් ගාල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණි.
ඒ, මිදිගම පිහිටි පවුලේ සුසාන භූමියේදීයි.