විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහයට එරෙහි අධිකරණ නියෝගයට එරෙහිව මෝසමක් - හිමිවරුන් රැසක් කොළඹ මහේස්ත්රාත් අධිකරණයට
විහාර මහාදේවි උද්යානයේ සත්යග්රහයේ නිරත පූජ්ය උලපනේ සුමංගල හිමි, පූජ්ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණ පරිශ්රයට අද පෙරවරුවේ වැඩම කර තිබේ
එම උද්යානයේ ඉදිරිපිට ඇති බුදු පිළිමය අසල පරිශ්රය ඇතුළු ස්ථාන කිහිපයක සහ මාර්ග කිහිපයක අඛණ්ඩව රැඳීසිටීමෙන් වළකින්නැයි දන්වමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණ නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් මෝසමක් මගින් කරුණු වාර්තා කිරීමටය.
ඒවගේම මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, පූජ්ය තීනියාවල පාලිත හිමි, පූජ්ය විතාරන්දෙණියේ නන්ද හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ කිහිපනමක්ද වැඩමකර සිටියහ.
සිර දඬුවම් නියමවී සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස සත්යග්රහයේ නිරත විහාරමහා දේවී උද්යානය වෙත පැමිණි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් ඊයේ (22) පස්වරුවේ ඔවුන්ට අධිකරණ නියෝගයක් භාර දී තිබේ .
කෙසේවෙතත් විහාරමහාදේවි උද්යානයේ සත්යග්රහයේ නිරත පිරිසට එම පරිශ්රයෙන් ඉවත්වන ලෙස අධිකරණය නියෝගයක් ලබාදුන්නද භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස තවදුරටත් එහි රැඳී සිටිනු ලබයි.