ගඟ දෙපස ජනතාවට අස්වැසිල්ලක්! දැදුරු ඔය, කලා ඔය සහ නිල්වලා ගංවතුර අනතුරු ඇඟවීම් වහාම ක්රියාත්මක වන පරිදි ඉවත් කෙරේ
දැදුරු ඔය ඇතුළු ජලාශ තුනක් ආශ්රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත ඒ අනුව දැදුරුඔය, කලා ඔය සහ නිල්වලා ගඟ ආශ්රිතව පනවා තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය මෙලෙස ඉවත් කර තිබේ .
එම ගංගා ද්රෝණිවල ජල මට්ටම් මේ වන විට සාමාන්ය තත්ත්වයට පත්ව ඇති බැවින් මෙම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කිරීමට පියවර ගන්නා බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
කෙසේ වෙතත් දිවයින පුරා වර්ෂාපතන තත්ත්වය අනුව ගංගාවල ජල මට්ටම්වල සිදුවන වෙනස්වීම් සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්යා හා ආපදා කළමනාකරණ අංශය නිරන්තර අවධානයෙන් පසුවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත
ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දැනුම්දී ඇත්තේ ඉදිරියේදී ගංවතුර තත්ත්වයක් ඇති වන්නේ නම් ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීම් සිදුකිරීමට අවශ්ය කටයුතු යොදා ඇති බවයි