විශ්‍රාමික ගුරුවරියක සහ ඉංජිනේරු පුත්‍රයා නීතිවිරෝධී ලෙස රඳවා තැබීමේ චෝදනාව: කිරින්ද පුහුල්වැල්ල සභාපති ඇතුළු 5දෙනෙකුට ඇප

Report

විශ්‍රාමික ගුරුවරියක සහ ඇගේ ඉංජිනේරු පුත්‍රයා නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන කායික හා මානසික හිංසනයට ලක් කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත .

ජාතික ජන බලවේගයට බලය හිමි එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (22) තිහගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුවය. කිරින්ද නගරයේ වඩිගවත්ත මාර්ගයේ තාප්පයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම සිද්ධියට මුල් වී ඇති බව වාර්තා වේ. මෝටර් රථයට බාධා වන ලෙස තාප්පයක් ඉදිකළ බවට චෝදනා ලැන තිබේ.

වාර්තා වන අන්දමට, පැමිණිලිකාර විශ්‍රාමික ගුරුවරියගේ ඉංජිනේරු පුත්‍රයා මෝටර් රථයක් මිලදීගෙන නිවසට රැගෙන ඒමෙන් අනතුරුව මෙම ගැටලුව මතුව තිබේ.

අසල්වැසි ඉඩමේ පදිංචි ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියෙකු විසින් එම මෝටර් රථය නිවසින් පිටතට ගැනීමට බාධා වන ආකාරයෙන් තාප්පයක කොටසක් ඉදිකර ඇති බවට චෝදනා එල්ල වී ඇත. ඒ වගේම අදාළ තාක්ෂණ නිලධාරියා නිවාඩු දින කිහිපයක් ලබාගෙන මෙම ඉදිකිරීම සිදුකර ඇති බවද වාර්තා වී ඇත

මෙම තත්ත්වය හමුවේ තාප්පය ඉදිකිරීමේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට අදාළ වාර්තාවක් සකස් කිරීම සඳහා යැයි පවසමින් විශ්‍රාමික ගුරුවරිය සහ ඇගේ පුත්‍රයා ප්‍රාදේශීය සභාව වෙත කැඳවා ඇති බව සඳහන්ය

ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල තුළ රඳවා තැබූ බවට චෝදනා එහිදී ඔවුන් දෙදෙනා ප්‍රාදේශීය සභාවේ කාමරයකට ඇතුළු කර රඳවා තබාගෙන කායික හා මානසික හිංසනයට ලක් කළ බවට චෝදනා එල්ල වී තිබේ.

සිද්ධියෙන් අනතුරුව විශ්‍රාමික ගුරුවරිය සහ ඇගේ පුත්‍රයා මේ සම්බන්ධයෙන් තිහගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනවලින් පසුව, නීතිය සහ දේශපාලන බලය අයුතු ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ නිලධාරීන් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.

ගෑස් පෝලිම් අහෝසියි - ඉදිරි දින 3 තුළදී සිදුවන දේ ගැන ලිට්‍රෝ සමාගමෙන් හදිසි නිවේදනයක්

ගෑස් පෝලිම් අහෝසියි - ඉදිරි දින 3 තුළදී සිදුවන දේ ගැන ලිට්‍රෝ සමාගමෙන් හදිසි නිවේදනයක්

අනතුරුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. අදාළ නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් පස්දෙනා ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති අතර, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වීමට නියමිතය.

කලා ලොව ශෝකයේ ගිල්වමින් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහලගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්

කලා ලොව ශෝකයේ ගිල්වමින් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහලගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්