නව වීසා ක්‍රමවේදයත් සමග සංචාරකයින්ගේ පැමිණීම පහළට...

Report

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන ආකාරයට සැප්තැම්බර් මාසය අපේක්ෂා කළ තරමට සංචාරකයින්ගේ පැමිණීම සිදුව නැත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ වීසා නිකුත් කිරීමේ ගැටලුව ද මූලික විය හැකි බවයි.

යල කන්නයේ ලොකු ළූණු අස්වැන්න නෙලීම අරඹයි...

යල කන්නයේ ලොකු ළූණු අස්වැන්න නෙලීම අරඹයි...

මන්ද, පසුගිය මාසයේ සිට වීසා සැකසීමේ ආයතනය වෙනස්වීමත් සමඟ ඉඩ සංචාරකයින් සඳහා එම ක්‍රියාවලිය වඩාත් මිල අධික හා දුෂ්කර වී ඇති බව වාර්තාවේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට වීසා නිකුත් කිරීමේ ක්‍රමය වෙනස් කෙරේ..!

අද මධ්‍යම රාත්‍රියේ සිට වීසා නිකුත් කිරීමේ ක්‍රමය වෙනස් කෙරේ..!


කෙසේ වෙතත් ලබන මස සිට රටවල් තිස් නවයක් සඳහා වීසා රහිත සංචාරක අවස්ථා ආරම්භ කරන බවද සභාපතිවරයා පැවසීය.

මේ සැප්තැම්බර් මස 01 දා සිට 17 දක්වා පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 92,639 කි.

ඒ අනුව මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දාහතර ලක්ෂ පන්දහසක් බවද එතුමා පවසීය.

කෙසේ වෙතත් වීසා සහිත සංචාරක අවස්ථා ලබාදීම හේතුවෙන් ලබන ඔක්තෝබර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම වැඩි වනු ඇති බවද එතුමා පැවසුවේය.