මත් පැන් මිළ සමබන්ධයෙන් තවත් වෙනසක්...

Sri Lanka Sri Lanka Food Crisis Financial crisis
By Sithumi Jun 02, 2022 02:49 PM GMT
Sithumi

Sithumi

Report

ආනයනික සියලු මත්පැන් වල මිල ඉහළ දමා තිබෙනවා. ඒ මුදල් අමාත්‍යාංශය විසින් මත්පැන් ආනයනය කිරීමේදී තීරු බද්ද මත සියයට සියයක අධි භාරයක් පැනවීම හේතුවෙන්.

ඒ අනුව, වයින්, විස්කි, රම්,ජින්, වොඩ්කා වැනි ආනයනික මත්පැන්වල මිල ඉදිරියේදී ඉහළ යනු ඇති. වැට් බද්ද ඉහළ නැංවීම හේතුවෙන් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය නිෂ්පාදනය කරන මත්පැන් බෝතලයක මිල රුපියල් 520කින් සහ බීර බෝතලයක මිල රුපියල් 30කින් ද ඉහළ නංවනු ලැබුවා.

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 369 ක් සඳහා මීට පෙර පනවා තිබූ ආනයන සීමා පසුගියදා ඉවත් කිරීමෙන් පසු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමනු ලැබුවා. එමෙන්ම, ඇතැම් භාණ්ඩවල තීරු බදු ද ඉහළ නැංවූ අතර, ඇතැම් භාණ්ඩ සඳහා තීරු බදු මත පනවා අධි භාරයක් ද පැනවීමටයි මුදල් අමාත්‍යාංශය කටයුතු කරනු ලැබුවේ.

කෙසේ වෙතත්, කාන්තාවන්ගේ සහ කුඩා දරුවන්ගේ සනීපාරක්ෂක තුවා මත පනවා තිබූ සියයට 15 තීරු බද්ද ඉවත් කරනු ලැබුවා. එහෙත් ඒවායේ මිල අඩු නොවනු ඇති බවයි අප කළ සොයා බැලීමකදී තහවුරු වුණේ. 

 ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ සියයට 8ක්ව පැවති වැට් බද්ද සියයට 12 දක්වා ඉහළ නැංවීම ඊට හේතුව බවයි සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කරනු ලබන මෙරට සමාගමක උසස් නිලධාරියෙකු සඳහන් කළේ. මේ වනවිට සනීපාරක්ෂක තුවා 10 ක් අඩංගු පැකට්ටුවක් වෙළඳපොලේ රුපියල් 280ක මිලකට අලෙවි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now