සුළග නිසා ත්‍රීරෝද රථ දෙකට වුණ හානිය.
By Kanchana
හමා ගිය තද සුළඟකින් කන්තලේ රෝහල ආසන්න මාර්ගයේ වාහන නැවතුමේ තිබූ ත්‍රීරෝද රථ දෙකක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් ත්‍රිරෝද රථ දෙකකට හානි සිදුවූ බව කන්තලේ මූලස්ථාන පොලිසිය ක සදහන් කර තිබේ .
තවද පොලීසිය සදහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථවලින් පැමිණි පිරිස් නේවාසික රෝගීන් බැලීම සඳහා ගොස් තිබූ නිසා පුද්ගල අනතුරු කිසිවක් සිදු නොවූ බවයි.
මෙම හානිය සිදුව ඇත්තේ නේවාසික රෝගීන් බැලීම සඳහා පැමිණි වාහන රැසක් එම ස්ථානයේ නවතා තිබූ අතර ත්‍රිරෝද රථ දෙකකට පමණකි.