පාස්කු විමර්ශනවලට බලපෑම් - විමල්, ගම්මන්පිල සහ දිලිත්ට එරෙහිව පොලිස්පතිට ගිය පැමිණිල්ල
By Aylin Zoya
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සහ අධිකරණ ක්රියාවලියට බාධා කිරීම හා බලපෑම් කිරීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ට මෙන්ම සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතාට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ලෙස ඉල්ලමින් අද (12) පැමිණිල්ලක් භාරදී තිබේ.
මෙම පැමිණිල්ල ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය විසින් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් පවතින විමර්ශන සහ අධිකරණ ක්රියාවලියට බලපෑම් ඇතිවන ආකාරයේ ප්රකාශ හා ක්රියාකාරකම් සිදුකර ඇති බවට චෝදනා කරමින් අදාළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර නීතිමය පියවර ගන්නා ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.