අද සිට මුළු රටටම අඳුරේ ඉන්න වෙයි?..

Sri Lanka Electric Bord Picketing
By Aruna Nov 25, 2021 07:02 AM GMT
Aruna

Aruna

Report

නිව් ‌‌‌ෆෝට්‍රස් ගනුදෙනුව ඇතුළු කරුණු 06කට විරෝධය පළ කර ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, අද දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයින් ආරම්භ කළ වර්ජනය අද 2 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සහ මහජන පරීක්ෂකවරුන් ඇතුලු වෘත්තීය සමිති 16ක් ඊයේ මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ, වැටුප් සහ දීමනා ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයින් ඊයේ පෙරවරු 7ට ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අසීරුතාවයට පත් වුණා. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha