උතුරේ සංවර්ධනයට රුපියල් මිලියන 1,177ක දැවැන්ත ව්‍යාපෘති රැසක්

Report

උතුරු පළාතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1,177ක දැවැන්ත ව්‍යාපෘති රැසක් සැප්තැම්බර් 17 සිට 19 දක්වා දින තුනක් පුරා ජනතා අයිතියට පත්කිරීම සහ සමාරම්භය සිදුකිරීමට සූදානම් කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම විශේෂ වැඩසටහන යටතේ රෝහල් කාර්ය මණ්ඩල නිල නිවාස, තැපැල් කාර්යාල විවෘත කිරීම මෙන්ම සෞඛ්‍ය සේවයේ නව පත්වීම් ලබාදීම් ද සිදු කිරීමට නියමිතයි.

සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක් - “22 වැනි සංශෝධනය ‘දිට්වා’ වැනිම දරුණු ව්‍යසනයක්”

සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක් - “22 වැනි සංශෝධනය ‘දිට්වා’ වැනිම දරුණු ව්‍යසනයක්”

ඒ අනුව අද (17) රුපියල් මිලියන 170ක වියදමින් වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස ව්‍යාපෘතියේ මුල් අදියර මෙන්ම රුපියල් මිලියන 230ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය නිල නිවාස ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කෙරේ.

සුළු මොහොතකට පෙර ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අත්අඩංගුවට

එසේම හෙට (18) දිනයේදී උතුරු පළාතේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරු සඳහා නව පත්වීම් ලබාදීමට නියමිත අතර, රුපියල් මිලියන 32ක පිරිවැයකින් පුතුකුඩිඉරිප්පු නව තැපැල් කාර්යාලයට මුල්ගල් තැබීමට ද කටයුතු යොදා ඇත.

මීට අමතරව තෙලිප්පලෙයි ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරී නිල නිවාස සංකීර්ණය ආරම්භ කිරීම සහ ඉදිකිරීම් නිමකළ මුලතිව් නව තැපැල් කාර්යාලය ජනතා අයිතියට පත්කිරීම ද හෙට දිනයේදී සිදුවන අතර, මෙම ව්‍යාපෘති දෙක සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 224කි.

වැඩසටහනේ අවසන් දිනය වන සැප්තැම්බර් 19 වැනිදා රුපියල් මිලියන 450ක පිරිවැයකින් කයිට්ස් නව තැපැල් ගොඩනැගිල්ල විවෘත කිරීම, පේදුරුතුඩුව මූලික රෝහලේ හෙද නිලධාරී නිල නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සහ චාවකච්චේරිය මූලික රෝහලේ ඖෂධ ගබඩාව හා කාර්ය මණ්ඩල නිල නිවාස ව්‍යාපෘතියේ සමාරම්භය සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.