ලංකාවේ ව්‍යාපාරිකයන්ට හා මහජනතාවට සුභ ආරංචියක් - සැප්තැම්බර් 22 වන දින ආරම්භ වෙන අලුත්ම සැලැස්ම මෙන්න
ආයෝජන අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ කාර්මික වර්ධනයට දිගු කලක් තිස්සේ බාධා කළ පරිපාලනමය ගැටලු ඉවත් කිරීමට රජය ගෙන ඇති පියවරක කොටසක් ලෙස, කැබිනට් අනුමැතියට යටත්ව 'ජාතික ව්‍යාපාර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය' (NBFC) සැප්තැම්බර් 22 වන දින ආරම්භ කිරීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය, ව්‍යවසායකයින් සහ ආයෝජකයින් සඳහා වන ප්‍රධාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරනු ඇත. ඉඩම් වෙන් කිරීම, ව්‍යාපෘති සංවර්ධනය, පාරිසරික අනුමැතිය, නියාමන බලපත්‍ර, උපයෝගිතා සේවා සම්බන්ධතා සහ මූල්‍ය පහසුකම් ලබා ගැනීම වැනි කටයුතු කඩිනම් කිරීම සඳහා විවිධ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම මෙහිදී සිදු කෙරේ.
අනවශ්‍ය පරිපාලනමය බාධා (red tape) ඉවත් කිරීම, දේශීය හා විදේශීය ආයෝජන දිරිමත් කිරීම සහ 2028 වසරේ සිට ආරම්භ වීමට නියමිත ණය ආපසු ගෙවීමේ වගකීම්වලට පෙර ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු පෙරදැරිව මෙම මධ්‍යස්ථානය සැලසුම් කර ඇති බව නිලධාරීහු පැවසූහ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ NBFC හි ප්‍රධානී සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, ව්‍යවසායකයින් මුහුණ දෙන දෛනික නියාමන, නීතිමය සහ ප්‍රතිපත්තිමය ගැටලු විසඳීම කෙරෙහි මෙම මධ්‍යස්ථානය මූලික වශයෙන් අවධානය යොමු කරන බවයි.
අනුමැතිය ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් හේතුවෙන් ගැටලුවලට මුහුණ දෙන ව්‍යාපාරිකයින්ගෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත නිරන්තරයෙන් පැමිණිලි ලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය. NBFC හි ක්‍රියාකාරිත්වය අදියර දෙකකින් සිදු කෙරෙන බව අරුක්ගොඩ මහතා පැවසීය.
පළමු අදියරේදී ක්ෂණික නියාමන බාධා විසඳීම සිදු කෙරෙන අතර, දෙවන අදියරේදී ප්‍රාග්ධනය තිබුණද නිශ්චිත ව්‍යාපාර සැලැස්මක් නොමැති පුද්ගලයින් සඳහා 'ඒකකවුළු ක්‍රමවේදයක්' (single-window model) ඔස්සේ පුළුල් මගපෙන්වීමක් ලබා දීම සිදු කෙරේ. ආර්ථික විශේෂඥයින්ගෙන් සමන්විත කමිටු මගින් යෝජනා සකස් කිරීමට, ඉඩම් සහ උපයෝගිතා සේවා සකස් කිරීමට සහ බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු එකම ස්ථානයක සිට සිදු කිරීමට සහාය වනු ඇත.
කොළඹ පිහිටි මධ්‍යස්ථානයට පැමිණීමෙන් තොරව අන්තර්ජාලය ඔස්සේ තම ගැටලු ඉදිරිපත් කිරීමට ව්‍යවසායකයින්ට අවස්ථාව සලසමින් නිල වෙබ් අඩවියක් ද දියත් කිරීමට නියමිතය. රාජ්‍ය ආයතන බොහෝ විට ආයෝජකයින්ගේ ඉල්ලීම්වලට ප්‍රමුඛතාවය ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් ආයෝජන කටයුතු අධෛර්යමත් කිරීමට හේතු වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දසුන් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය. "මෙම වැඩසටහන හරහා, ආයෝජකයෙකුට ගනුදෙනු කිරීමට සිදුවන සෑම ආයත