මට්ටක්කුලියේ තිදෙනෙකුට මරු කැඳවූ බිහිසුණු අනතුර - 52 හැවිරිදි රියදුරු ගැන හෙළිදරව්වක්
මට්ටක්කුලියේ තිදෙනෙකුට මරු කැඳවූ බිහිසුණු අනතුර- 52 හැවිරිදි රියදුරු ගංජා භාවිත කර සිටි බව අනාවරණය වී ඇත.
මට්ටක්කුලිය, ෆර්ගියුෂන් හන්දියේදී අනතුරක් සිදු කළ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 52ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මෝටර් රථය පදවන අවස්ථාවේදී ගංජා භාවිත කර සිට ඇති බවට ද අනාවරණවී තිබේ.
මට්ටක්කුලිය පොලිස් වසමේ ෆර්ගියුෂන් හන්දිය ප්‍රදේශයේදී වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි කාර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රීරෝද රථ දෙකක හා යතුරුපැදි දෙකක ගැටී ඊයේ (17) රාත්‍රියේ අනතුරක් සිදුවිය.
ඉන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලැබූ අතර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් තිදෙනෙකු මිය ගොස් තිබේ.
මෙම මරණකරුවන් අවුරුදු 44 හා 64 වයස්වල පසුවූ ග්‍රෑන්ඩ්පාස් සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව වාර්තා වේ තවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මට්ටක්කුලිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.