අරවින්ද ද සිල්වා සහ බිරිඳට නිකුත් කළ වරෙන්තුව අධිකරණය ආපසු කැඳවයි

Report

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පළල් බද සහිත නව ගුවන් යානා ඇණියක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළ නඩුවේ සැකකාරියකට ඇපකරුවන් ලෙස පෙනී සිටි හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (17) නියෝග කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී අභාවප්‍රාප්ත කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නැමැති සැකකාරිය වෙනුවෙන් මොවුන් දෙදෙනා රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප තබා තිබූ අතර, ඊයේ (16) නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම නිසා මෙම වරෙන්තුව නිකුත් කර තිබුණි.

වාහනයක් ගන්න පෙරුම් පිරුව ඔයාට සුබම සුබ ආරංචියක් - වාහන මිල පහළට නව අගයන් මෙන්න

වාහනයක් ගන්න පෙරුම් පිරුව ඔයාට සුබම සුබ ආරංචියක් - වාහන මිල පහළට නව අගයන් මෙන්න

අද (17) දින අධිකරණය හමුවේ පෙනී සිටි අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවේහෙට්ටි මහතා, අරවින්ද ද සිල්වාගේ මෑණියන්ගේ අභාවය සහ ඇගේ අවසන් කටයුතු ඊයේ (16) දිනයේ පැවැති බැවින් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බව දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඊයේ දින නිකුත් කරන ලද අදාළ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළේය.

වත්තල ශාරුක්ඛාන්ට කෝටි නවයක දේපළ -දේපල රාජසන්තක කර අත්අඩංගුවට ගැනීමට සූදානම්

වත්තල ශාරුක්ඛාන්ට කෝටි නවයක දේපළ -දේපල රාජසන්තක කර අත්අඩංගුවට ගැනීමට සූදානම්