“තම්බියන් හරහා සහරාන් ගැන 2016 සිට තොරතුරු ලැබිලා” - පාස්කු ප්‍රහාරය ගැන තරිඳු ජයවර්ධනගෙන් ප්‍රබල හෙළිදරව්වක්

Report

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී තරිඳු ජයවර්ධන මහතා ප්‍රබල කරුණු කිහිපයක් අනාවරණය කළේය.

ඔහු සඳහන් කළේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි අංශයට සම්බන්ධව සිටි බව කියන ‘තම්බියන්’ නමින් හඳුන්වන පුද්ගලයෙකු අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී ඇති බවයි.

තම්බියන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සම්බන්ධව කටයුතු කර ඇති අතර, ඉන්දියාවට යාමේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු තමිල්නාඩුවේ ක්‍රියාත්මක වන Q Branch සමඟ සම්බන්ධ වී ඇති බව තරිඳු ජයවර්ධන මහතා පැවසීය.

Q Branch ආයතනය විසින් තම්බියන්ගෙන් තොරතුරු ලබාගැනීම සඳහා ඔහු භාවිත කර ඇති අතර, එම සම්බන්ධතාව හරහා ඇතැම් තොරතුරුද ඔහු වෙත ලබාදී ඇති බවට තරිඳු ජයවර්ධන මහතා සඳහන් කළේය.

2016 වසරේ පමණ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු තම්බියන් ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය සමඟ සම්බන්ධ වී ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

2016 වසරේ සිට සහරාන් හෂීම් ඇතුළු පිරිස සම්බන්ධයෙන් තම්බියන් විසින් බුද්ධි තොරතුරු ලබාදී ඇති බවත්, එම තොරතුරු එක් හමුදා බළකායකට පමණක් නොව වවුනියාවේ පිහිටි තවත් හමුදා ඒකකයකටද ලබාදී ඇති බවත් තරිඳු ජයවර්ධන මහතා පැවසීය.

තම්බියන් විසින් තමන්ව මෙහෙයවූ යුද හමුදා නිලධාරියාට මෙම තොරතුරු ලබාදී ඇති අතර, පසුව එම තොරතුරු ඉහළ නිලධාරීන් හරහා හමුදා මූලස්ථානය වෙත යොමුකර ඇති බවද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම වව්නතිව් සිද්ධියෙන් අනතුරුව, එම සිද්ධිය සහරාන්ගේ කණ්ඩායම විසින් සිදුකරන ලද්දක් බවට තොරතුරු අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව වෙතද ලබාදී තිබූ බව තරිඳු ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ඔහුට අනුව එම තොරතුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2018 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි සමාලෝචන රැස්වීමක් පැවැත්වී තිබේ. එම රැස්වීමේදී බුද්ධි අංශ නිලධාරීන් විසින් වව්නතිව් සිද්ධිය සහරාන්ගේ කණ්ඩායම විසින් සිදුකළ බවට තොරතුරු ඉදිරිපත් කර තිබූ බවද ඔහු සඳහන් කළේය.

එහෙත් ඉන් අනතුරුව බුද්ධි අධ්‍යක්ෂ චුලා කොඩිතුවක්කු මහතාගේ අත්සනින් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යවා, සිද්ධිය එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකළ ක්‍රියාවක් ලෙස සඳහන් කර තිබූ බවට තරිඳු ජයවර්ධන මහතා චෝදනා කළේය.

එමගින් වව්නතිව් සිද්ධිය සහරාන්ගේ කණ්ඩායමට සම්බන්ධ බවට තිබූ තොරතුරු වෙනත් දිශාවකට යොමු කිරීමට උත්සාහයක් ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා

“එතකොට මොකක්ද අරමුණ? ඊයේ නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරයා උසාවියේ කිව්වා විදිහටම, සහරාන් මේ වෙලාවේ අහුවුණා නම් පාස්කු ප්‍රහාරය නැහැ. පාස්කු ප්‍රහාරය නැත්නන් ගෝඨාභය රාජපක්ෂ කියලා ජනාධිපති කෙනෙකුත් නැහැ. පාස්කු ප්‍රහාරය නැත්නම් සමහරවිට ඒ කාලයේ විමර්ශනය කරලා ශානි අබේසේකරලා විමර්ශනය කරලා ගෝඨාභය රාජපක්ෂලා ඇතුළේ. අන්තිමට මොකද උනේ? සහරාන්ලාට තමන්ගේ වැඩ හොඳට කරගෙන යන්න අවස්ථාව ලැබුණා.”

සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක් - “22 වැනි සංශෝධනය ‘දිට්වා’ වැනිම දරුණු ව්‍යසනයක්”

සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක් - “22 වැනි සංශෝධනය ‘දිට්වා’ වැනිම දරුණු ව්‍යසනයක්”

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට නව තනතුරක් - ඒකමතිකව තෝරා පත් ගනියි

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට නව තනතුරක් - ඒකමතිකව තෝරා පත් ගනියි