දරුණු සරම්ප වසංගතයක් - ළමුන් 1,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

Report

බංග්ලාදේශය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන දරුණු සරම්ප වසංගතය හේතුවෙන් මේ වන විට දරුවන් 1,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව යුනිසෙෆ් සහ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා කරයි.

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ රෝගීන් 194,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, මේ වසරේ ලොව වැඩිම සරම්ප රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ රට බවට ද බංග්ලාදේශය පත්ව තිබේ.

HIV මාරයා බිහිසුණු ලෙස ව්‍යාප්ත වීමක් - HIV ජාතික අර්බුදයක් ලෙස ප්‍රකාශයට

HIV මාරයා බිහිසුණු ලෙස ව්‍යාප්ත වීමක් - HIV ජාතික අර්බුදයක් ලෙස ප්‍රකාශයට

රට පුරා දරුවන් මිලියන 19.8කට වැඩි පිරිසකට එන්නත් ලබා දී තිබුණ ද, තවමත් දිනකට නව සැකකටයුතු රෝගීන් 1,000ක් පමණ වාර්තා වන බව පැවසෙයි. අධික ජනගහනය, කොවිඩ් සමයේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ප්‍රමාද වීම මෙන්ම ෂීක් හසීනා රජය බලයෙන් පහවීමෙන් පසු පත් වූ අන්තර්වාර රජය යටතේ එන්නත් ඇණවුම් කිරීමේදී සිදු වූ ප්‍රමාදයන් මෙම අර්බුදය තවත් උග්‍ර කිරීමට හේතු වී ඇත.

වාර්තා වූ රෝගීන්ගෙන් 83%ක්ම එන්නත් ලබා නොගත් දරුවන් වන අතර ළමා මන්දපෝෂණය ඉහළ මට්ටමක පැවතීම නිසා සංකූලතා සහ මරණ අවදානම ඉහළ ගොස් තිබේ.

සෞදි අරාබියේ යානයක් බිමට හෙලයි - පිටපිට හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරයෙන් සෞදිය හෙල්ලෙයි

සෞදි අරාබියේ යානයක් බිමට හෙලයි - පිටපිට හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරයෙන් සෞදිය හෙල්ලෙයි

රෝහල් ධාරිතාව ඉක්මවා යාම නිසා රෝගී දරුවන්ට බිම පැදුරු මත තබා ප්‍රතිකාර කිරීමට පවා සිදුව ඇත. එන්නත් ලබා නොගත් දරුවන් වෙත ළඟා වීම සඳහා එළඹෙන සැප්තැම්බර් 26 වනදා විශේෂ සහ තීව්‍ර එන්නත්කරණ අදියරක් ආරම්භ කිරීමට බංග්ලාදේශ රජය සැලසුම් කර තිබේ.

සරම්ප තුරන් කිරීමේ මාවතේ සිටි බංග්ලාදේශය මුහුණ දී ඇති මෙම අර්බුදයට අමතරව එක්සත් රාජධානිය සහ අමෙරිකාව වැනි රටවල ද මෑතකදී සරම්ප රෝගීන්ගේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.