අමෙරිකාවෙන් 100%ක තීරුබද්ධක් - ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් නව පනතක්
ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් නව පනතක් රුසියාවෙන් බොරතෙල් සහ ගෑස් ආනයනය කරන රටවලට එරෙහිව සියයට 100ක් දක්වා වූ ඉහළ තීරුබදු සහ සම්බාධක පැනවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පුළුල් බලතල ලබාදෙන නව පනත් කෙටුම්පතක් ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබේ.
යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු බටහිර සම්බාධක හමුවේ වට්ටම් සහිතව ලැබුණු රුසියානු බොරතෙල් විශාල වශයෙන් මිලදී ගනිමින් තම බලශක්ති தேவ අවශ්‍යතා සපුරාගත් ඉන්දියාවට මෙම නව පනත හමුවේ දැඩි ආර්ථික සහ වෙළෙඳ අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇත.
අදාළ පනත දැනට ජනාධිපතිවරයාගේ අත්සන සඳහා යොමුකර තිබේ. CREA පර්යේෂණ ආයතනයේ දත්තවලට අනුව, 2022 දෙසැම්බර් සිට 2026 අගෝස්තු දක්වා කාලය තුළ රුසියානු බොරතෙල් අපනයනයෙන් 37%ක්ම මිලදී ගෙන ඇත්තේ ඉන්දියාවයි.
එසේම 2026 මූල්‍ය වර්ෂය තුළ ඉන්දියාවේ සමස්ත බොරතෙල් ආනයනයෙන් 30.3%ක්ම රුසියාවෙන් සපයා ගෙන තිබේ. නව පනත යටතේ රුසියානු තෙල් ආනයනය කපා හැරීමට හෝ ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට දින 180ක කාලයක් හිමිවන නමුත් ජනාධිපතිවරයාට එම කාලසීමාව සංශෝධනය කිරීමේ බලය ද පවතින බව වාර්තා වේ.
මෙම වාතාවරණය හමුවේ තමන් තත්ත්වය සූක්ෂ්ම ලෙස නිරීක්ෂණය කරමින් සිටින බවත්, ජාතික බලශක්ති ආරක්ෂාව තහවුරු කිරීමට කැපවී සිටින බවත් ඉන්දියාව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, රුසියානු තෙල් වෙනුවට වෙනත් විකල්ප සෙවීමට සිදුවුවහොත් ඉන්දියාවේ ප්‍රවාහන හා රක්ෂණ පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි ආර්ථික විෂ්ලේෂකයෝ පෙන්වා දෙති.