චීන තානාපති සහ අගමැතිනි හරිනි අතර හමුවක්

Report

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති ලෙස පත්වූ වේයි හුවාෂියැං මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර නිල හමුවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.

පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීමට චීන රජයෙන් ලැබෙන සහාය සෑම පාසල් වසරක් ආරම්භයේදීම නිසි වේලාවට ලබාදීමට හැකි වන පරිදි වසර 3 සිට 5 දක්වා වන දීර්ඝකාලීන රාමුවක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේ විශේෂ අවධානය යොමුව ඇත.

සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක් - “22 වැනි සංශෝධනය ‘දිට්වා’ වැනිම දරුණු ව්‍යසනයක්”

සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක් - “22 වැනි සංශෝධනය ‘දිට්වා’ වැනිම දරුණු ව්‍යසනයක්”

එසේම අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස, චීන ආධාර යටතේ ක්‍රියාත්මක ඩිජිටල් අධ්‍යාපන ව්‍යාපෘතියේ ප්‍රගතිය ද සමාලෝචනය කෙරුණු අතර, මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පිහිටි ඩිජිටල් පන්ති කාමර 500ක් සඳහා ස්මාර්ට් උපාංග 900ක් ලබාදීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

මීට අමතරව, චීන රජයේ ශිෂ්‍යත්ව ක්‍රමය සහ චීන තානාපති ශිෂ්‍යත්ව ක්‍රමය ඔස්සේ ශ්‍රී ලාංකික සිසුන්ට හිමිවන උසස් අධ්‍යාපන අවස්ථා මෙන්ම, ළමුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

වාහනයක් ගන්න පෙරුම් පිරුව ඔයාට සුබම සුබ ආරංචියක් - වාහන මිල පහළට නව අගයන් මෙන්න

වාහනයක් ගන්න පෙරුම් පිරුව ඔයාට සුබම සුබ ආරංචියක් - වාහන මිල පහළට නව අගයන් මෙන්න