ඡන්දයට මුදල් හරස් වෙයි.? ග්‍රාම නිලධාරින් රාජකාරිවලින් ඉවත්වීමට සැරසෙයි. මුද්‍රණාලයත් අර්බුධයක.

Election Commission of Sri Lanka Ranil Wickremesinghe Government Of Sri Lanka
By Wayomi මාස 1 කට පෙර
Wayomi

Wayomi

Report

දිවයින පුරා ඡන්ද රාජකාරිවල යෙදෙන ග්‍රාම නිලධාරින් 11,138 දෙනෙකුට ඡන්ද රාජකාරිවලින් ඉවත්වීමට සිදුවන තත්ත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, රාජ්‍ය ආයතනවලට භාණ්ඩ හා සේවා ණයට ලබා ගැනීම තහනම් බවත්,එම නියෝගය කඩ කරන නිලධාරීන්ගේ සාක්කුවෙන් එසේ ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවිය යුතු බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය හේතුවෙන්.

එම හේතුවෙන් පළාත් පාලන ඡන්ද රාජකාරීවල නියැලෙන ග්‍රාම නිලධාරීන්ට සේවා සැපයීමේ ගැටලුසහගත තත්ත්වයක් ඇති වන බවට අනතුරු අඟවනවා.

සියලුම ඡන්ද මධ්‍යස්ථාන පිළියෙල කර දීම, එම මධ්‍යස්ථාන වෙත රාජකාරියට පැමිණෙන නිලධාරීන්ට පහසුකම් සැලසීම ආදී සේවා රැසක් මැතිවරණයකදී ලබා දීමට සිදුවන්නේ ග්‍රාම නිලධාරීන්ටයි.

ඒ අනුව එම පහසුකම් සැලසීමේදී අවශ්‍ය ටෙන්ට්, කෑම, තේ, විදුලිය විසන්ධි වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා පෙට්‍රල්මැක්ස් ලාම්පු ආදිය ලබා ගැනීමට සිදුවන්නේ පසුව මුදල් ගෙවන පදනම යටතේ ණයට බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න පවසන්නේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් කාර්යාලයෙන් ග්‍රාම නිලධාරීන් සඳහා අත්තිකාරම් මුදලක් ලැබෙන අතර ඉතිරි මුදල් ලැබෙන්නේ ඡන්ද විමසීම අවසන් වූ පසු බවයි. ජාතික සංවිධායකවරයා සඳහන් කරන්නේ.

කෙසේ වෙත්ත ඔහු පෙන්වා දී ඇත්තේ, ජනාධිපතිවරයාගේ නියෝගයට අනුව එම මුදල ගෙවීමේ ගැටලුවක් පැනනැගීමට ඉඩ ඇති බවත්ය.

මේ අතර පළාත් පාලන ඡන්දය සඳහා ඡන්ද දායකයන් වෙත තැපෑලෙන් යවන නිල ඡන්ද පත්‍රිකා (Poll Cards) මුද්‍රණය කිරීම පිටස්තර මුද්‍රණාල මගින් සිදු කෙරෙන අතර, ජනාධිපතිවරයාගේ එම නියෝගය නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා මුදල් ගෙවීමේදී බලපෑමක් ඇතිවන බව මැතිවරණ මහලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඡන්දය සඳහා වන මුද්‍රණ කටයුතුවලදී රජයේ මුද්‍රණාලය ද මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW