වගා භූමියක ගින්නක් - අක්කර 30ක පැතිරි යයි.
Sri Lanka
Fire
Wildfire
By krishani
මොනරාගල - හොරම්බුව ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තේක්ක වගා භූමියක හදිසි ගින්නක් හටගෙන ඇත.
මොනරාගල පොලිසිය විසින් මොනරාගල ප්‍රාදේශීය සභා ගිනි නිවන ඒකකය, කුඹුක්කන හා මාලිගාවිල යුද හමුදා කඳවුරු දැනුම්වත් කර එම නිලධාරීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා ඇත.
ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැත.
පොලිසිය සඳහන් කළේ, අක්කර 30ක පමණ භූමි ප්‍රදේශයක ගින්න පැතිරගොස් ඇති බවයි.
කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොනරාගල පොලිසිය විසින් සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |